2019 මාර්තු 16 වන සෙනසුරාදා

මධූෂ්ගේ ගෝලයන්ගේ දේපළ රාජසන්තකයි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

ගයාන් ගාල්ලගේ l

මාකඳුරේ මධූෂ්, ඔහුගේ ගෝලයන් සහ ඔවුන්ට වක්‍රාකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාගේ දේපළ රාජසන්තක කිරීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

මත්කුඩු චෝදනා යටතේ අධිකරණයට කරුණු වාර්තා කොට සියලුම දේපළ රාජසන්තක කිරීම සඳහා ලිපිලේඛන සකස් කරමින් පවතින එම නිලධාරියා කීය.

හෙරොයින් ජාවාර‍හාමෙන්  පරිමාණයෙන් මුදල් උපයා ඒ හරහා දේපළ රුස් කර ඇති බවට අනාවරණය වී ඇති බවත් එසේම මොවුන් හෙරොයින් ජාවාරම්කරැවන් බව දැන දැන නවතැන් පහසුකම් සැලසූ අයද මේ වනවිට හඳුනාගෙන ඇති නිසා ඔවුන්ට විරුද්ධව නඩු පවරා දේපළ රාජසන්තක කරන බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.