2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ඇපැල් උසාවි තීන්දුව වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57


මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගිය 31දා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට සිකුරාදා සවස රැස්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කළේය. එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බවය.

පසුගියදා අභියාචනාධිකරණය සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් නියෝග කළේ සයිටම් ආයතනයේ උපාධි ලබන සිසු සිසුවියන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසයි.

රෝගීන්ගේ සුභ සිද්ධිය උදෙසා තම සංගමය මෙම තීරණය ප්‍රතික්ෂේප කරන අතර මීට වඩා සාධාරණ විසඳුමක් පතමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව වෛද්‍ය සභා සභාපතිවරයා වැඩිදුරටත් කීය.

(දේශපාලන වාර්තාකරු)