2019 මාර්තු 02 වන සෙනසුරාදා

ද ෆිනෑන්ස් මාස හයකින් ඈවරයි!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

I ව්‍යාපාරික වාර්තාකරු

දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන (ද ෆිනෑන්ස්) සමාගම ප්‍රතිසංවිධානය කොට පවත්වාගෙන යාමට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් නොවුවහොත් මාස 6ක් තුළ සමාගම (ඈවර කිරීමට) ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇත.

මෙතෙක් එහි සිටි පාලක මණ්ඩලය ඉවත්කොට මහබැංකුවෙන් පත්කළ තිදෙනකුගේ මණ්ඩලයක් මගින් දැන් එහි පාලන කටයුතු සිදුකෙරේ. පවත්නා මුල්‍ය තත්ත්වය අනුව (ද ෆිනෑන්ස්) සමාගමේ ගනුදෙනුකරුවන් ල 4කගේ තැන්පත් මුදලින් රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව අවශ්‍ය ගෙවීම් සිදුකෙරේ. එහෙත් ඒ සඳහා පොලිය ලෙස ගෙවන්නේ (ද ෆිනෑන්ස්) සමාගම කලින් ගනුදෙනුකරුවන්ට පොරොන්දු වූ පොලී මුදල නොවේ. භාණ්ඩාගාර බිල්පත් සඳහා නියම කෙරෙන පොලී අනුපාතයයි. එසේ වුවද සමාගමේ ගනුදෙනු නතරකරන තෙක් කාලය වෙනුවෙන් කලින් නියම කළ පොලිය ගෙවනු ලැබේ.

අප වෙත වාර්තා වන ආකාරයට තැන්පත්කරැවන් වෙත ගෙවීමට තිබෙන මුළු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙදහසකට (රුපියල් බිලියන 20කට) ආසන්නය.