2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මංගලට 30යි ජෝන්ට 40යි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

I දේශපාලන වාර්තාකරු

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු වන ජෝන් අමරතුංග මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීමත් මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30ක් සම්පූර්ණ වීමත් නිමිත්තෙන් ලබන සතියේ කොළඹදී විශේෂ උත්සව දෙකක් පැවැත්වීමට නියමිතය.

ජෝන් අමරතුංග මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපතිවරයාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද විශේෂ අමුත්තෙකි. එහි ගෞරවනීය ආරාධිතයා වන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය.

ඒ සඳහා වන උත්සවය පෙබරවාරි 27දා සවස 4.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.
“ඛේමාගේ කොලුවා” යනුවෙන් නම්කර තිබෙන මංගල සමරවීර මහතාගේ මැතිසබා දිවියට වසර 30ක් සම්පූර්ණ වීමේ උත්සවයද පැවැත්වෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. එම උත්සවය පෙබරවාරි 28දා සවස 3.00ට පැවැත්වෙයි. ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක එහි ප්‍රධාන ආරාධිතයන් අතර වෙති. මෙම සමරු උළෙලේ විශේෂ දේශනය පවත්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බැරුක් ඔබාමා පාලන සමයේ එරට එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස කටයුතු කළ සමන්තා පවර් මහත්මියයි.