2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මැතිසබේ ගැටුම පොලීසියට දාන්න එපා මහින්ද රනිල්ට කියයි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

සංජීවිකා සමරතුංග l

පාර්ලිමේන්තුව තුළ සිදුවන සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පොලීසියට පැවරීමෙන් වළකින ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වාසුදේව නානායක්කාර හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

මෙහිදී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මැතිසබයේ සිදුවන යම් යම් සිදුවීම් ගැන පොලීසියට පැමිණිලි කිරීමෙන් පාර්ලිමේන්තුවේ අභිමානයට අගතියක් සිදුවන බවයි. එබැවින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළම විසඳාගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය යැයි විපක්ෂනායකවරයා අගමැතිවරයාට පෙන්වා දී ඇත. එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව කතානායකවරයා සමඟ සාකච්ඡා කර පසුගියදා මැතිසබයේ සිදුවූ අරගලයට සම්බන්ධ වාර්තා සභාගත කරන බවයි. ඒ අනුව සිකුරාදා වාර්තාව සභාගත කෙරිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01