2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ජාතික ආණ්ඩු එපා එජාප මන්ත්‍රී පිරිස් රනිල්ට කියති

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 234

I ගයාන් ගාල්ලගේ

පවතින තත්ත්වය යටතේ ජාතික ආණ්ඩුවකට ගියහොත් පක්ෂයට අවාසි සහගත වන බව දන්වා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකිරීමට නියමිතව ඇත.

එජාප ආණ්ඩුවකින් ජනතාව සහන බලාපොරොත්තු වන බවත් එකී බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කිරීමට ආණ්ඩුවට තවමත් හරිහැටි අවස්ථාවක් නොලැබී ඇති අවස්ථාවක තවදුරටත් අමාත්‍ය ධුර වැඩිකිරීම හරහා ජනතාව තුළ එජාපය කෙරෙහි අැති විශ්වාසය පළුදු වී යා හැකි බවත් ඔවුන් එම ලිපිය මගින් දන්වන බව කියති.

එනිසා දැනට පවතින අමාත්‍යධුර ප්‍රමාණයෙන් වැඩකටයුතු කර එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා නිසි ක්‍රමෝපායන් සැකසීම පමණක් සිදුකළ යුතු බව දැනුම්දීමට නියමිතව ඇතැයි ද සඳහන් වෙයි.