2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

මුරලි මහ රෑ ජනපති හමුවෙයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 986

I සංජීවිකා සමරතුංග

දැන් දේශපාලන කටයුතු සම්බන්ධව විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන සුප්‍රකට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුවිය.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බවද ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

ජනාධිපතිවරයා මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්‍රියා කරන බව අනතුරුව ප්‍රකාශ කර තිබේ.