2019 පෙබරවාරි 01 වන සිකුරාදා

මෛත්‍රීට ජනපති අපේක්ෂකත්වය දීමේ යෝජනාව අනුරපුරයෙන්

 2019 පෙබරවාරි 01 වන සිකුරාදා, ප.ව. 08:20 43

චමිඳු නිසල් ද සිල්වා l

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී සම්මත වී තිබේ.

මෙම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ අතර හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ස්ථිර කරනු ලැබීය.

මෙම අවස්ථාවට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සියලු නියෝජිතයන් සහ දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයන් අත් ඔසවා යෝජනාව අනුමත කළෝය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන අරඹමින් රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී මෙකී රැස්වීම පැවැත්විණ. මේ අවස්ථාව සඳහා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද සහභාගී වූහ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01