2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

රනිල් නැත්නම් වැඩි බර කරුට!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

I දේශපාලන වාර්තාකරු

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තීන්දු කිරීමට පසුගිය සති අන්තයේ එජා පෙරමුණේ නායකයකයන් ගණනාවක් එක්ව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පෙරමුණේ පක්ෂ කිහිපයක නායකයන් ඒ සඳහා එක්ව සිටියහ.

මෙහිදී ජනාධිපතිවරණය සඳහා එජා පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන නාමයෝජනා ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

බොහෝ වෙලාවක් ඉතා පෞද්ගලික මට්ටමක පැවති කතාබහේදී යම් හෙයකින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කළයුතු බව පක්ෂ නායකයන් ගණනාවක් ප්‍රකාශ කර ඇත. එහෙත් අවසන් තීරණයක් නොගත් බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.
මෙම සාකච්ඡාව හමාරවීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයෙක් වන අමාත්‍ය මනෝ ගනේෂන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයකු බවත් එසේම ඔහු අලුතෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පොදු අපේක්ෂකයකුද වන බවත් ඒ ගැන පක්ෂ නායකයන් තීරණය කර හමාර බවත්ය.