2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

නීතිපති මහින්ද හමුවෙයි!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

I සංජීවිකා සමරතුංග

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් පසුගියදා විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණි.

මෙරට ඉහළ අධිකරණවල විනිසුරු ධුර පුරප්පාඩු පිරවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද අවස්ථාවක් ලබාගැනීම ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වූ බව පැවසේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා රජයේ ඉහළ නිලතල සඳහා සුදුස්සන් තෝරා පත්කර ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු නිසා ඔහුට නීතිපති අංශයේ නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම මෙම හමුවේදී සිදුව තිබේ.

ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති ධුරය දරන කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට සාධාරණය ඉටුකළ බවයි. ඉහළ අධිකරණවල තනතුරුවලට පත් කිරීමේදී කිසියම් නිර්ණායක මාලාවකට යටත්ව එම පත්වීම් කළ යුතුයැයි කී විපක්ෂ නායකවරයා ඒ ගැන කතානායකවරයාද දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීහු 14 දෙනෙක් පැමිණ සිටියහ. ඉදිරියේදි මෙම පිරිස සෙසු ප්‍රධාන පවල නායකයන්ද මුණ ගැසෙනු ඇතැයි දැනගන්නට තිබේ. 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01