2019 ජනවාරි 26 වන සෙනසුරාදා

අර්ජුන මහේන්ද්‍රන් අපට දෙන්න - ජනපති සිංගප්පූරු අගමැතිට කියයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 207

I දේශපාලන වාර්තාකරු

සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ලීසිෙයන් ලූන් මහතාට  කරුණු දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

ඒ සමඟ මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් ඇතුලත්  ලිපිගොනුවක්ද ජනපතිවරයා සිංගප්පූරු අගමැතිට භාරදී ඇත.
එසේම අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම සංශෝධනය සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ බලධරයන් සමඟ සාකච්ඡා කර ඇති වගද රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ වගකිවයුත්තා ලෙස ඒ ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් නම්කර ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරයාය. ඔහු දැනට සිංගප්පූරුවේ රැඳී සිටින බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රශ්න රාශියකට තුඩු දී තිබෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව මෙරට වෘත්තිකයන්ගේ සංවිධාන ගණනක් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබිණි. ඒ අනුව ගිවිසුම සංශෝධනය ගැනද ජනාධිපතිවරයා සිංගප්පූරු බලධරයන් සමඟ සාකච්ඡා කළ බව වාර්තා විය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00