2019 ජනවාරි 26 වන සෙනසුරාදා

වලියට පසු එජාප පසුපෙළට අගමැති සලකයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් සඳහා එක් මන්ත්‍රීවරයකුට කෝටි 100 බැගින් වූ මුදල් ප්‍රතිපාදන ලබාදීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර තිබේ.

එම මුදල අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ලබාදීමට තීරණය කර ඇත.

පසුගිය අඟහරුවාදා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී තිබිණි. එහෙත් පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට සහභාගි වී නොවී තමන්ට නව රජයෙන් කිසිදු අවස්ථාවක් ලබා නොදීම පිළිබඳ විරෝධය දක්වා තිබේ. ඒ අනුව එදින සවස අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලබාදී ඇති අතර එහිදී මන්ත්‍රිවරු 17 දෙනකුගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදී ඇත.

මන්ත්‍රීවරුන්ගේ දුක් ගැනවිලි එහි සඳහන් කර ඇති අතර එම ලිපිය අග්‍රමාත්‍යවරයා විසින් කියවා බලා ඊට හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට පොරොන්දු වී ඇති බව සඳහන් වේ.