2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ව්‍යවස්ථා මෙහෙයුම යූ.එන්.පී. වැඩක් වෙලා - දිනේෂ් ගුණවර්ධන

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

I ගයාන් ගාල්ලගේ

නව ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා පිහිටුවනු ලැබූ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ කටයුතු මින් ඉදිරියට සම්පූර්ණයෙන් වැඩ අවසන් කරන ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට පක්ෂ කිහිපයක් තීරණය කළ බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සියලු පක්ෂ එකතුවෙන් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට මෙය ආරම්භයේ තීරණය කළත් වර්තමානය වනවිට එක්සත් ජාතික පක්ෂයේ වැඩක් බවට එය පත්ව ඇති නිසා මෙම තීන්දුව ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි පක්ෂ සියල්ල මෙම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වැඩ අවසන් කරන ලෙසට ලිඛිතව දැනුම් දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.