2019 ජනවාරි 19 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථා යෝජනා ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් - රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

එම්. ඉෂාක් I

මැතිසබයට ඉදිරිපත් කර තිබෙන නව ව්‍යවස්ථා යෝජනා මගින් රජය සිදුකළේ 2015 ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුව ඉටුකිරීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා දේශයට පැවසීය. 2015 ජනාධිපතිවරණයේදී සියලු දේශපාලන පක්ෂ මෙම ඡන්ද පොරොන්දුව පිළිගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ සැඟවුණු රහස් කිසිවක් නැතැයි කී ඒ මහතා සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කොට විනිවිදභාවයෙන් යුතුව අදාළ කටයුතු සිදුකරන බව වැඩිදුරටත් කීය.

ව්‍යවස්ථා සම්පාදනයේදී එය සිදු කළ යුතු ආකාරය සම්බන්ධව නීතිමය සම්මතයක් ඇතැයි ද ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගැනීම සිදුකළ යුතුව ඇතැයිද පැවසීය. එලෙස ව්‍යවස්ථාව විධිමත් ලෙස අනුමත කළොත් මිස වෙනත් ලෙසකින් නීතිගත කළ නොහැකි යැයිද ඇමැති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීය.