2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මහ බැංකුව බිලියන 360ක් ණය ගනී

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

I දේශපාලන වාර්තාකරු

රුපියල් කෝටි 36,000ක් (රුපියල් බිලියන 360) වටිනා ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

අමෙරිකානු ඩොලර් කෝටි 200ක් හෙවත් රුපියල් බිලියන 360ක මෙකී දැවැන්ත ණය මුදල ලබාගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ ණය ලබාගැනීමේ ක්‍රමවේදය සැකසීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ හා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ස්ථාවර කමිටුවක්ද පත්කර ඇත. මෙලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ලබාගන්නා ණය මුදලේ පොලිය 7%ක් පමණ වනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග කියයි.