2019 ජනවාරි 12 වන සෙනසුරාදා

විපක්ෂ නායක ලේකම් පුටුවට කොකු පිට කොකු

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 322

I දේශපාලන වාර්තාකරු

කතානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට නම්කර ඇතත් විපක්ෂනායක ලේකම්වරයා පත් කිරීමට තවමත් කැබිනට් අනුමැතිය නොලැබීම නිසා රාජපක්ෂ මහතාට රාජකාරි ආරම්භ කළ නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට හිටපු විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා ස්වකීය කාර්යාලය භාරගන්නා ලෙස නව විපක්ෂනායකවරයාට දැනුම් දී තිබේ. එහෙත් එහි වගකීම් භාර ගැනීමට ලේකම්වරයකු පත්කර නැත. මෙයට පෙර වාර දෙකක්ම එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අතර හෙට දිනයේද එය නැවතත් සලකා බැලීමට නියමිත බව කියැවේ. මෙම තනතුරට සුදුස්සෙකු පත්කර ගැනීමට අදාළ කතානායකවරයාගේ නිර්දේශයද මේ වනවිට යවා ඇතැයි වාර්තා වෙයි.