2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මන්ත්‍රීවරු ආරක්ෂාව ඩබල් කරගනිති

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

I සංජීවිකා සමරතුංග

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ රැකවරණය සඳහා පොලිස් භටයන් 4 දෙනකුගේ ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක නීතිය හා සාමය අමාත්‍යංශය තීන්දු කර ඇත.

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ආරක්ෂාව සඳහා ලබාදුන්නේ පොලිස් භටයන් දෙදෙනකුගේ ආරක්ෂාව පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් රැසක් තම ආරක්ෂක රැකවලුන් ප්‍රමාණය වැඩිකරන ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව මන්ත්‍රී ආරක්ෂාව මෙලෙස වැඩිකරන බව ජනාධිපතිවරයා පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී හමුවේදී නිවේදනය කළේය.