2019 ජනවාරි 12 වන සෙනසුරාදා

එජාප මන්ත්‍රී කණ්ඩායම සංවර්ධනයට මුදල් ඉල්ලති

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I ගයාන් ගාල්ලගේ

තමන් නියෝජනය කරන ආසනවල සංවර්ධන  වැඩකටයුතු සිදුකිරීම සඳහා මුදලක් මෙවර අයවැයෙන් වෙන් කරන ලෙස ඉල්ලා එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

එම මුදල කිසිදු අමාත්‍යංශයක් හරහා ලබා නොදී භාණ්ඩාගාරය හරහා සෘජුව මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙසත් ඔවුන් මෙහිදී යෝජනා කිරීමට නියමිතව ඇත.

විශේෂයෙන් එ.ජා.ප.ය බලයට පැමිණ වසර හතරක් ගතව තිබියදිත් තවමත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තම ආසනයේ කිසිදු සංවර්ධන වැඩකටයුත්තක් සිදුකිරීම සඳහා මුදල් ලැබී නැතැයි එම මන්ත්‍රීවරු පවසති. පසුගිය වසර කිහිපයේ ලබාදෙන බවට විවිධ කතා පැවතියත් ඒ කිසිවක් ඉටු නොවු බවද ඔවුහු පැවසූහ.