2019 ජනවාරි 12 වන සෙනසුරාදා

හිස්බුල්ලාට හකීම් ටී.එන්.ඒ. විරෝධය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

I එම්. ඉෂාක්

අභිනවයෙන් පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගෙන් මධ්‍යස්ථ අපක්ෂපාතී සේවාවක් ප්‍රදේශයේ ජනතාවට බලාපොරොත්තු විය නොහැකියැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයකු වන මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් මහත්වරු දේශයට පැවසූහ.

හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයට පත්වන තෙක් ක්‍රියාකාරී දේශපාලනයේ සිටි නිසා තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීම උදෙසා ඔහු පියවර ගනු ඇති බවට හකීම් අමාත්‍යවරයා සැක පහළ කරයි. මෙම පත් කිරීම තුළින් මෙතෙක් ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධව පවත්වාගෙන ආ පිළිවෙත කණපිට හරවා ඇතැයිද අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධව දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් මහතා පැවසුවේ අතීත දේශපාලන ක්‍රියාකාරීත්වය අනුව ඔහු සංහිඳියාව ශක්තිමත් කරන මධ්‍යස්ථ අදහස් ඇති පුද්ගලයකු යැයි පිළිගත නොහැකි බවයි. ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව අතර සුහදතාවයට බාධා පමුණුවන තීරණ මොහු මීට පෙර ගෙන ඇතැයිද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා පැවසීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01