2019 ජනවාරි 05 වන සෙනසුරාදා

භාෂා තුනෙන්ම ‘ඒකීය’ එසේමයි - කිරිඇල්ල

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

I ගයාන් ගාල්ලගේ

නව ව්‍යවස්ථාව සැකසීමේදී "ඒකීය රාජ්‍ය" යන වචනය භාෂා ත්‍රිත්වයෙන්ම එලෙසම සටහන් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.සිංහල භාෂාවේ "ඒකීය" නැමැති වචනයට දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව තුළ නොයෙකුත් අර්ථකතන වචන තිබුණත් නව ව්‍යවස්ථාවේ ඒකීය යන වචනය එලෙසම භාවිත කරන බව හෙතෙම සඳහන් කළේය.

වෙනත් වචන භාවිත කළහොත් අනාගතයේදී ඒ සඳහා විවිධ අර්ථකතන ලබාදිය හැකි බවත් පසුගියදා වර්තමාන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි අර්ථකතනවල පරස්පරතා එලෙස මතු කළ බවත් ඒ නිසා ඒකීය යන වචනය එලෙසම භාවිතා කරන බවත් අමාත්‍යවරයා කීය.