2018 ජුලි 28 වන සෙනසුරාදා

කුඩු කප්පිත්තන්ගේ දේපොළ රාජසන්තකයි

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I සමන්ත ප්‍රදීප් විල්තෙර

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි සිය ගණනක මුදල් හා දේපළ උපයාගෙන ඇති දිවයිනේ නමගිය අපරාධකරුවන් 23 දෙනකුගේ දේපළ රාජසන්තක කිරීමට ආණ්ඩුව නීතිමය පියවර ගනිමින් සිටින බව දේශයට වාර්තා වේ. මොවුන්ගෙන් පිරිසක් දැනටමත් විදේශයන්හි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව ඉහත පියවර ගන්නා බව නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සිදුකරන විමර්ශන හා මෙහෙයුම් ඔස්සේ මෙම ජාවාරම්කරුවන්ගේ නම් ගම් හා තොරතුරු අනාවරණය වී තිබේ. රජය මේ ගැන සකස් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය සකස් කරන තෙක් මේ අපරාධකරුවන්ගේ නම් ගම් හෙළිදරව් නොකිරීමටද තීරණයක් ගෙන ඇතැයි සඳහන්ය.

 

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30