2018 ජුනි 30 වන සෙනසුරාදා

තෙල් මිල නගී ගෑස් මිල බසී

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

I දේශපාලන වාර්තාකරු

ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් සිදුකෙරෙන මිල ගණන් සමාලෝචනය ලබන සතියේ සිදුකෙරෙන අතර එහිදී ඉන්ධන මිල ගණන් නැවත වරක් ඉහළ යා හැකි බව ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල ගණන් තීන්දු කෙරෙන ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ හමුව ජූලි මස 05දා මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වෙයි. ඒ රැස්වීමට මුදල් අමාත්‍යංශයේ හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව පසුගිය මාස දෙකක කාලය තුළ ඇමෙරිකානු ඩොලරය ඉදිරියේ රුපියල සෑහෙන පමණ අවප්‍රමාණය වූ අතර එනිසා ඉන්ධන මිලදී ගැනීමට යන වියදම ඉහළ ගොස් ඇත. මාස දෙකකට පෙර ඩොලරයක වටිනාකම රු.158/- වූ අතර දැන් එය රු.160.50 ඉක්මවා තිබේ.

ජූනි මස 28 දා වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 77කි. මෙයට මසකට පෙර බොරතලේ බැරලය ඩොලර් 79කි. එහෙත් රුපියල අවප්‍රමාණය නිසා ඉන්ධන මිල ඉහළ යා හැකි බව දේශයට වාර්තා වෙයි.

ඒ අතර රජයේ ජීවන වියඳම් කමිටු තීරණය අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 1,676 සිට රු. 1,538 දක්වා රු. 138 කින් පමණ පසුගිය සිකුරාදා සිට අඩුකිරීමට පරිභෝගික අධිකාරිය ක්‍රියා කළේය. 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30