2018 ජුනි 30 වන සෙනසුරාදා

උතුරේ මහ ඇමැති පුටුව යළි විග්නේෂ්වරන් ඔඩොක්කුවට!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

I දේශපාලන වාර්තාකරු

තමන්ට උතුරේ මහ ඇමැති ධුරය දක්වා ගමන් කරන්නට අතදුන් විපක්ෂනායක සම්පන්දන්ට ද්‍රෝහී නොවන බව ප්‍රකාශ කළ සී.වී. විග්නේෂ්වරන් මහතාට මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන්ට නැවත ලබාදීමට දෙමළ සන්ධානය තීන්දු කර තිබේ.

එහෙත් දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයකු වන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මේ සතියේ ප්‍රකාශ කළේ තමන්ද මහ ඇමැති අපේක්ෂකත්වය අපේක්ෂා කරන බවය.

කෙසේ වෙතත් මෙතෙක් විරසකව සිටි සම්පන්දන් - විග්නේෂ්වරන් හා සුමන්තිරන් යන දෙමළ සන්ධාන ප්‍රධානීන් තිදෙනා මේ සතියේ කීවේ යාපනයේදී පැවති විග්නේෂ්වරන් මහතා විසින් රචනා කරන ලද නීති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උළෙලකදී එකට මුණගැසී සුහදතාව පළකොට ඇත.

දෙමළ ජාතික සන්ධානය දෙකඩ නොකොට උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නැයි ප්‍රබල ආසියාතික රටක තානාපති අංශ වෙතින් ලැබුණ උපදෙස් මත පක්ෂ සමගිය තහවුරු කරගත් බව වැඩිදුරටත් වාර්තාවේ.

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30