2018 ජුනි 09 වන සෙනසුරාදා

දූෂණ නඩු උසාවි දෙකක් ජූලි මුල ඇරැඹේ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය දේපොලවලට අගතියක් සිදුකළ මූල්‍ය අපරාධවලට අදාළ නඩු විභාග කිරීමට ස්ථාපිත කෙරෙන නව ත්‍රිපුද්ගල මහාධිකරණ දෙක ලබන මස මුල් සතියේ කොළඹදී පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ඊට අදාළව නඩු පැවරීමට යෝජිත සිදුවීම්වලට අදාළ ලිපිගොනු 109ක් පමණ රහස් පොලීසිය හා මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපතිවරයා වෙත යවා ඇත. එයින් 16කම දැනටමත් නඩු පවරා ඇතැයි වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අදාළ ඩී.ඒ. රාජපක්ෂ සමරු සිහිවටන පරීක්ෂණය හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට අදාළ හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළ පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ ගණනාවකට සම්බන්ධ නඩු මෙන්ම පසුගිය රජයේ ප්‍රධානීන් ගණනාවකට අදාළ නඩු මෙම අධිකරණවල පැවරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙම නව අධිකරණ පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00