2018 ජුනි 02 වන සෙනසුරාදා

රහස් ඡන්දයෙන් මැතිසබේ බලය පෙන්වන්න ඒකාබද්ධයේ ප්ලෑනක්

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂය මැතිසබයේ රහස් ඡන්දයකදී නැවත වරක් දේශපාලන බලය උරගා බැලීමේ සටනකට සැරසෙයි. ඊට අදාළ තීන්දුව පසුගිය බදාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන්ගේ රුස්වීමේදී ගනු ලැබ තිබේ.

මෙකී තීන්දුව අනුව ලබන 05 දා (අඟහරුවාදා) සිදුකෙරෙන නව නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීමේදී ඒකාබද්ධයේ සහාය ලබන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබේ. මෙම අපේක්ෂකයා කවුද යන්න මෙතෙක් තීරණය කර නැත. මෙයට පෙර නිතරගයෙන් නියෝජ්‍ය කතානායක තෝරාගන්නට යෝජනා වූ අතර පසුව ශ්‍රී.ල.නි.පයේ අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා විය. එහෙත් පසුව එම නමද ඉදිරිපත් නොවන බව ප්‍රකාශ වී තිබේ.

ඒ අනුව ලබන අඟහරුවාදා නියෝජ්‍ය කතානායක තෝරාගැනීමේදී එ.ජා.පය ශ්‍රී.ල.නි.පය හෝ වෙනත් කුමන පක්ෂයක් අපේක්ෂකයකු ඉදිරිපත් කළද ඊට සටනක් දීමට ඒකාබද්ධය තීන්දු කළේය. මේ තනතුර සඳහා ඡන්දයක් පැවැත්වෙන්නේ නම් එය අනිවාර්යයෙන් රහස් ඡන්දයක් වනු ඇතැයි කතානායක කාර්යාලය පවසයි. ඒ නිසා රජය කෙරේ කලකිරී සිටින කොටස්වල සහාය ලබාගන්නටත් විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ කතා කොට හැකිතාක් ඔවුන්ගේ උදව් ලබාගන්නටත් ඒකාබද්ධය තීන්දු කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ දහසය දෙනාගේ කණ්ඩායම හෙට (4දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තාවේ.  

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31