2018 ජුනි 02 වන සෙනසුරාදා

කුඩු මාෆියාව පාසලටත් රිංගලා - මහින්ද රාජපක්ෂ

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 19

I සංජීවිකා සමරතුංග

දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකත් කොළඹින් බැහැර ප්‍රධාන පාසල් ගණනාවකත් ඉහළ පන්තිවල සිසුන්ට පාසල් කාලය තුළ කුඩු අලෙවි කෙරෙන බව දෙමාපියන් සංගම් ගණනාවක් තමන්ට පැමිණිලි කරන ලද බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

කොළඹ දකුණේ රජරට හා සබරගමු පළාත් පාසල් ගණනාවක මව්පියන් සංගම් තමන්ට මේ ගැන දන්වා වහාම රජය දැනුම්වත් කර කුඩු වසංගතයෙන් තම දරුවන් බේරාදෙන ලෙස ආයාචනා කළ බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

තමන්ට ලැබී තිබෙන එබඳු එක් තොරතුරක සඳහන් වන්නේ පාසල් කොරිඩෝවේ විවේක කාලයේ කුඩු අලෙවි කෙරෙන වග යැයි කී හිටපු ජනාධිපතිවරයා නිවෙස්වල සිටින ඇතැම් වැඩිහිටි තැනැත්තන් තරුණ දරුවන්ට කුඩු පැකැට් ලබාදී පාසල තුළ අලෙවියට යොමු කිරීම වැනි ඛේදජනක සිදුවීම් ගැන අසන්නට ලැබී තිබෙන බව සඳහන් කළේය.

එබැවින් අධ්‍යාපන බලධරයන් සහ පොලීසිය එක්ව වහාම මේ ජාවාරම මැඩලිය යුතුයැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

 

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00