2018 ජුනි 02 වන සෙනසුරාදා

වෙනම හැදූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අස්කර ගනී

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පෙර එහි ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු විසින් වෙනම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධව එම කමිටුවේ සාමාජිකයන් ගණනාවක් දැඩි විරෝධය පළකර තිබේ.

ඒ අනුව අදාළ කෙටුම්පත සභාවට ඉදිරිපත් නොකර ඉවත් කර ගැනීමට එය සම්පාදනය කළ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දී ඇතැයි ව්‍යවස්ථා සම්පාදන කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ වෙනම සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පතට දැඩි ලෙස විරෝධය පළ කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකි. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය නීත්‍යානුකූලව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කර තිබියදී මෙලෙස පෞද්ගලිකව ව්‍යවස්ථා කෙටුම්පත් සෑදීම සහ මුලින් වැරදි බව පෙන්වා දුන් පසු එම මන්ත්‍රීන් දෙදෙනා සිය කෙටුම්පත ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළෝය.

 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30