2018 මාර්තු 10 වන සෙනසුරාදා

විපක්ෂයට අභූත චෝදනා එපා - හිටපු ජනපති මහින්ද

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

I දේශපාලන වාර්තාකරු

මහනුවර ඇතිවූ ගැටුම්වලට විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධ බවට අභූත චෝදනා නගන ඇමැතිවරුන් මේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල නොකර ජාතීන් අතර සාමය සමගිය වෙනුවෙන් ක්‍රියාකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (දේශයට) පැවසීය.

තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ ගැන රජය ඉල්ලූ සෑම සහයෝගයක්ම ලබාදෙමින් ක්‍රියාකළ බව පැවසූ රාජපක්ෂ මහතා මෙම සිද්ධිය රජය විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා (වවා) ගත් සිදුවීමක් යැයි සඳහන් කළේය.
දේශපාලන පක්ෂවලට හෝ පොලීසියට නිකරුණේ චෝදනා නොනගා අප කාගේත් සහයෝගය ලබාගෙන මුස්ලිම් සිංහල සමගිය ඇති කරන්නට පියවර ගත යුතු බව ඔහු අවධාරණයෙන් පැවසීය. තිස් වසරක යුද්ධයකින් මේ රට නිදහස් කරගත් ආණ්ඩුවට නායකත්වය දුන් තමා ඉතා ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රශ්න වසා ගැනීමට විපක්ෂයට ඇඟිලි දිගු නොකරන ලෙස යැයිද ඔහු කීය.

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00