2018 ජනවාරි 13 වන සෙනසුරාදා

5 ද? 6 ද? තීන්දුව ඉරිදා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

අධිකරණ වාර්තාකරු l

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලයේ සීමාව ගැන ව්‍යවස්ථානුකූල අර්ථකථනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරණු ලැබූ ඉල්ලීමට අදාළ තීරණය ලබන ඉරිදා (අද) ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග කියයි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබ_ හා කේ. ටී. චිත්‍රසිරි යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සළකා බැලිණි. අනතුරුව සිකුරාදා දහවල් 12.00ට පෙර එයට අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙස ඒ ගැන කරුණු දැක්වූ පාර්ශව වෙත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

අනතුරුව සිකුරාදා සවස සහ සෙනසුරාදා මේ ගැන තීන්දුවකට එළඹීමට අගවිනිසුරුවරයා විසින් විනිසුරු මඩුල්ලේ විශේෂ රැස්වීම් කැඳවා තිබූ බවද දැනගන්නට ඇත.

 

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00