2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සමගියේ තීන්දුව ජනපති අතේ - මහින්ද රාජපක්ෂ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමගිය අවශ්‍යද යන්න දැන් තීන්දු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔහු පසුගිය සිකුරාදා මෙම ප්‍රකාශය කළේ සිය නිල නිවෙසේ පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී හමුවකදීය. එ.ජා.ප.ය. සමඟ සබඳතා පවත්වන කිසිදු ශ්‍රීල.නි.ප. රජයකට සහාය නොදීම තමන්ගේ ස්ථිරසාර ප්‍රතිපත්තිය බැවින් මෛත්‍රී හිතවාදීන් එ.ජා.පය සමඟ සිටිනතාක් සමගියක් ගැන කතාකිරීම නිෂ්ඵල යැයි ඔහු සඳහන් කළේය.

එම නිසා දෙපක්ෂය අතර සමගියක් අවශ්‍ය නම් ශ්‍රීල.නි.ප. - එ.ජා.ප. හවුල් ආණ්ඩුවේ ඇමැතිකම් වලින් ඉවත්වීම හෝ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම යන විකල්ප දෙකින් එකක් තෝරාගත හැකි යැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

“දැන් පන්දුව එයාලා අතේ ඒ පන්දුවෙන් ක්‍රීඩා කරනා ආකාරය ඔවුන් තීන්දු කළ යුතුයි.” මහින්ද රාජපක්ෂ මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00