2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ - සුමන්තිරන්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

I සකීෆ් සාම් තන්වීරි

එ.ජා.ප.ය සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර නැතත් එ.ජා.පයට අවශ්‍ය අවස්ථාවක රජයෙන් පිටත සිට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දේශයට පැවසීය.

දේශය මේ ගැන මන්ත්‍රීවරයාගෙන් කළ විමසුමට පිළිතුරු දුන් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ එජාප ආණ්ඩුවක් යටතේ තනතුරු ලබා ගැනීමේ අදහසක් ද දෙමළ ජාතික සන්ධානයට නැති බවය. “එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට නිල ආරාධනාවක් අපිට කරලා නෑ. ආරාධනා කළත් අපි ආණ්ඩුවට එකතු වෙන්නෙ නෑ. නමුත් ආණ්ඩු කරගෙන යාමට අවශ්‍ය අණපනත් සම්මත කරගැනීමේ දී අපේ සහාය වුවමනා වුවහොත් උදව් දීමට අපි සූදානම්.”

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව තරග කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ම සිදු කර තිබේ. ශ්‍රීලනිපය ඒකාබද්ධය සමඟ එක් වුවහොත් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී තනි ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවද පැවසෙයි.

 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00