2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

අලකේෂ්වර පරපුරේ චීන කුමාරියක් ලංකාවේදී බඳියි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

I සකීෆ් සාම් තන්වීරි

14 වැනි සියවසයේ චීන ෂෙංහි නැව් සේනාංකය විසින් අත්අඩංගුවට ගත් රයිගම රාජධානයේ අවසාන රජතුමා වූ අලකේෂ්වර රජුගෙන් පැවත එන චීන කුමාරිකාවක් ශ්‍රීලංකාවේ දී විවාහ වීමට සූදානමින් සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා සම්ප්‍රදායට චීන මනාලියන් 100ක් යුග දිවියට පිවිසීම සම්බන්ධයෙන් වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවේ “චීන නව යොවුන් යුවළ සියයක් ශ්‍රී ලංකාවේදී උත්සවාකාරයෙන් විවාහ වීමට නියමිතයි. විවාහ උත්සවය දෙසැම්බර් 17 වැනිදා ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභාව ඉදිරිපිට දී පැවැත්වෙනවා. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය හා ඓතිහාසික බැඳීම්, අනාගත සංවර්ධන ගමන හා සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයටත් මෙය වැදගත් අවස්ථාවක්.” යනුවෙනි.

එම අවස්ථාවට එක්ව සිටි චීන තානාපති කාර්යාලයේ නියෝජිතයකු කියා සිටියේ ශ්‍රී ලංකාවේ විවාහ වීමට චීන යුවළ පන්සියකට වැඩි පිරිසක් ඉල්ලුම් කළ ද තෝරාගත් 100 දෙනකුට පමණක් ඒ අවස්ථාව ලබාදුන් බවයි. එමෙන්ම එම සියදෙනා අතර ඔලිම්පික් පදක්කම්ලාභීන් තිදෙනකුද සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00