2017 ජුලි 15 වන සෙනසුරාදා

ව්‍යවස්ථා වැඩේට ඒ්කාබද්ධ ලොක්කෝ ගැටෙති

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240


නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයයන් අතර ප්‍රබල මත ගැටුමක් ඇති වී ඇතැයි දේශයට වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සිටිය යුතු බවට තීරණය කර ඇතත් ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින්ගේ තීරණය වී ඇත්තේ සියලු කමිටුවලින් ඉවත් විය යුතු බවයි.

ඒ සඳහා අවසන් තීරණය ගැනීමට එළඹෙන සතියේදී පක්ෂ නායකයන් අතර හමුවක් පැවැත්වීමට ද යෝජනා වී ඇත.

කෙසේ වෙතත් එහිදී අවසන් තීරණයකට එළඹීමට නොහැකි වුවහොත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා කතානායකවරයාට ලිපියක් යොමුකොට ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

I ගයාන් ගාල්ලගේ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00