2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මැයි රුලි: ( ශ්‍රීලනිපය - ගැටඹේ, යූ.එන්.පී. - කැම්බල්, ජවිපෙ - බීආර්සී, ඒකාබද්ධ - ගෝල්ෆේස් )

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 96

 

l හසිත් අංජන

ලෝක කම්කරු දිනය සමරමින් ප්‍රධාන පක්ෂ 03ක් සංවිධානය කරන මැයි දින රැලි 03ක් කොළඹදීත් එක් රැස්වීමක් මහනුවරදීත් පැවැත්වීමට නියමිතව ඇතැයි එම රැස්වීම් පවත්වන පක්ෂ සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාළිය සහ රැස්වීම කැම්බල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මගින් කොළඹදී සංවිධානය කරනු ලබන පෙළපාළිය සහ රැස්වීම ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එමෙන්ම සුපුරැදු පරිදි ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රුස්වීම කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00