2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

වූහාන් සිසු පිරිස 14 දා ගෙදර

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

I සමන්ත ප්‍රදීප් විල්තෙර

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ කොටුවී සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් විශ්වවිද්‍යාල සිසු පිරිස දියතලාව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීම ලබන 14 වැනිදා සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අය දැනට දිනකට තුන්වරක් විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක්කෙරෙති. ඉන් ලබාගන්නා පරීක්ෂණ වාර්තා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකොට නිරන්තර පරික්ෂාවක් සිදුකරනු ලබයි. එහෙත් චීනයේ සිට පැමිණි කිසිවකුට කොරෝනා වෛරසය ආසාදිත බවක් මෙතෙක් වාර්තා වී නැත. මේ අය අතර කුඩා දරුවන් සිව්දෙනෙක්ද සිටිති. ඔවුන් සියල්ලන්ම නිසිලෙස ආහාර පාන ලබාගෙන දියතලාව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සුවෙන් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00