2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රනිල් - සජිත් හමුවක්?

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 290

I දේශපාලන වාර්තාකරු

එ.ජා.ප.යේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල්-සජිත් හමුවක් ඉදිරි සතිෙය් පැවැත්වීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු යොදා ඇතැයි දේශයට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා දැනට ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටී. ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

දැනට අර්බුදයක් ලෙස එ.ජා.ප.ය තුළ වර්ධනය වී තිබෙන නායකත්වය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දැරෙන අවසන් උත්සාහය මෙය බව මේ ගැන දේශයට කරුණු දැක්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. පසුගිය සති කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙබඳු සාකච්ඡාවක් පැවැත්වීමට පැමිණෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කොතෙක් ඇවිටිලි කළද සජිත් එම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. තමන් සිය ස්ථාවරය රටට ප්‍රකාශ කර ඇති නිසා ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් නොමැතිව පක්ෂ නායකයා සමඟ සාකච්ඡා කිරීම ඵලරහිත බව සජිත්ගේ අදහස වී තිබිණි.

අවසානයේ පක්ෂයේ සජිත් හිතවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ බලවත් ඉල්ලීම අනුව රනිල්-සජිත් හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇතැයි කියැවේ. එම උත්සාහයෙන් මෙම ප්‍රශ්නය නිරාකරණය නොවුවහොත් දෙපක්ෂයේම විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට ඉඩ ඇතැයිද කියැවේ.

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30