2019 ජනවාරි 05 වන සෙනසුරාදා

උසස්පෙළ ජීවවිද්‍යා සිලබස් තාම නැහැ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

I චමිඳු නිසල්

2019 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ජීවවිද්‍යා විෂයට අදාළ පූර්ණ විෂය නිර්දේශය හා ගුරුඅත්පොත් මෙතෙක් පාසල්වලට ලැබී නැතැයි නම් සඳහන් කිරීමට අකැමැති වූ විදුහල්පතිවරු ගණනාවක් දේශයට පැවසූහ.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට මෙතෙක් නිකුත් කර ඇත්තේ ජීවවිද්‍යා විෂයේ සමස්ත පාඩම් 10න් පාඩම් 05කට අදාළ විෂය නිර්දේශ පමණක් බව සඳහන්ය.

2019 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඇත්තේ මාස 8ක පමණ කාලයක් පමණි. එසේ තිබියදී මෙවන් තත්ත්වයක් උදාවීම එකී විෂය හදාරන දරු දැරියන්ට බලවත් අසාධාරණයක් බව විදුහල්පතිවරු පැවසූහ.

මේ සම්බන්ධයෙන් විෂයමාලා සකස් කිරීම් බාර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියගෙන් දේශය කළ විමසීමකට පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ එම පුවත වැරදි බවය. තම ආයතනය අදාළ විෂයමාලා විධිමත් ලෙස සකස්කොට නිසි ලෙස ලබාදී ඇති ඇය පැවසුවාය.

අනතුරැව මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතාගෙන්ද කරුණු විමසීමු. ඔහු සඳහන් කළේ ජීවවිද්‍යා විෂය පමණක් නොව තවත් විෂයන් ගණනාවකට අදාළ ගුරුඅත්පොත් පවා විධිමත් ලෙස ගුරුවරුන් අතට පත්ව නැති බවය. විෂයමාලා සංශෝධනය සමඟ මෙම ගැටලුව මතුව ඇතිබව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය. අප තවදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ 2018 මාර්තු මාසයේදී ලංකා ගුරු සංගමය මේ ගැන මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කර ඇති බවය.

 

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30