2017 ජනවාරි 07 වන සෙනසුරාදා

දවසකට ශ්‍රීලංකන් ගුවන් ගමන් 45ක් නවතී

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34


කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඉදිරි මාස 03 තුළ දෛනිකව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගමන්වාර 45ක් පමණ අවලංගුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් සමාගම කියයි.

පෙ.ව 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ සිංගප්පුරුව, චෙන්නායි, ට්‍රිච්, මාලේ, කොචින්, බැංගලෝර් යන ගුවන් ගමන් මෙලෙස අවලංගුකර ඇති අතර අදාළ දිනයන්හි නව කාලසටහනක් යටතේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම එම ගමන් වාර මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇත. 

බීජිං, ෂැංහායි, බැංකොක්, ක්වාලාලම්පූර්, සිංගප්පුරුව, ට්‍රිවෙන්ඩ්‍රම්, නවදිල්ලිය, කරච්චි සහ ජෙඩා යන ගුවන් ගමන් වාර සඳහාද විකල්ප කාලසටහන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම මගින් ඉදිරිපත් කර තිබේ.

UL-503 කොළඹ - ලන්ඩන් සහ UL-504 ලන්ඩන් - කොළඹ ලෙස ක්‍රියාත්මක වූ ගුවන් සේවය පසුගිය ජනවාරි මස 05දා සිට UL-504 ලන්ඩන් - මාලේ සහ කොළඹ ලෙස ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම පැවසීය.

මේ වනවිට ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ඇති ගුවන් මගීන්ට ඉහත සඳහන් ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් විකල්ප මාර්ග සැකසුම් සහ විස්තර මෙන්ම සංශෝධිත වේලාවන් ළඟම සිටින සංචාරක නියෝජිතයන්ගෙන් හෝ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලයෙන් ලබාගත හැක. 

පසුගිය 06 වැනිදා සිට අප්‍රේල් මස 06 වැනිදා දක්වා කාලය තුළ ගුවන් පථයෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පැය 08ක කාලයක් ගුවන් තොටුපොළ වසා තැබෙනු ඇත.

I හසිත් අංජන

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00