2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

හකීම් - රිෂාඩ් සහාය ආණ්ඩුවට?

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 1423

දේශපාලන වාර්තාකරුl

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය පක්ෂ දෙකේ සහාය මහින්ද රාජපක්ෂ රජයට ලබාගැනීම සඳහා පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි  ඒ්කාබද්ධ විපක්ෂය පවසයි. 

රවුෆ් හකීම් මහතා නායකත්වය දරන මුස්ලිම් කොංග්‍රසය ඒ ගැන මූලික තීන්දුව ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ස්වකීය ආගමික නායකයන් (ජමියතුල් උළෙමා) සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසුව බව පැවසේ. අනතුරුව නැගෙනහිර පළාතේ ජනතාවගෙන්ද ඒ ගැන විමසා සිය තීරණය සති අන්තයේ ප්‍රකාශ කරන බව පක්ෂ නායකත්වය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාද ආගමික ආශීර්වාද ලබා සිය මන්ත්‍රීන්ගේ අනුමැතියද ගෙන නව රජයට සහාය වන බව ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානියකු වන බැසිල් රාජපක්ෂ මහතාට දැනටමත් දන්වා ඇතැයි කියැෙව්.

දැනට තිබෙන මැතිසබා සංයුතිය අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීධුර 7ක්ද මහජන කොංග්‍රසයට මන්ත්‍රීධුර 5ක්ද හිමිව තිබේ.