2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

පක්ෂ මාරු පෝලිමක්?

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1447

l දේශපාලන වාර්තාකරු

ඉදිරි පළාත් පාලන මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වීමත් සමඟ නාමයෝජනා දිනයට පෙර පක්ෂ මාරු ගණනාවක් සිදුවනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

රජයේ අමාත්‍ය ධුර දරන තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පස් දෙනකු දැනටමත් මේ ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ තීරණාත්මක සාකච්ඡාවක නිතර වෙමින් සිටින බව නම් සඳහන් කිරීමට අකැමැති වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ඒකාබද්ධය හා ශ්‍රීල.නි.ප.ය අතර සමගිය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් තිදෙනකු සාම ප්‍රයත්නය අඩාලවීම ගැන කලකිරී ශ්‍රීල.නි.ප. සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම කණ්ඩායමට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

දැනට රජය සමඟ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් හා ආණ්ඩුවේ සිටින ප්‍රකට මන්ත්‍රීවරයකුද ගිය සතියේ හිටපු ජනාධිපතිවරයා සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01