2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ආණ්ඩුවෙන් යන්න හිටි අය පීල්ල මාරුකරති

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 733


යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමවීමත් සමඟ ඉන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිස තවදුරටත් ආණ්ඩුවේම රැඳී සිටීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් එහෙත් එය තාවකාලික තීරණයක් බවත් ඔහු සඳහන් කළේය.

 

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සාධනීය කරුණු කාරණා කිහිපයක් නිසා මෙම තීරණය ගෙන තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමේ තීරණය ගෙන තිබේ.

මෙම තීරණය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි මැති ඇමැතිවරු 12 දෙනා එක්ව ගත් සාමූහික තීරණයක් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

I ගයාන් ගාල්ලගේ