2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

භාරකාර රජයකට රහස් කතා

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 972

I ගයාන් ගාල්ලගේ

පවතින අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහායෙන් භාරකාර ආණ්ඩුවක් සැකසීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පිරිසක් සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරි වසර එකහමාරක කාලය සඳහා මෙම භාරකාර ආණ්ඩුව සැකසීමට සාකච්ඡා කෙරෙන අතර මේ සඳහා දැනටමත් පිරිසක් පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් සමඟ රහසිගත සාකච්ඡා පවත්වන බව වාර්තාවෙයි.

එම සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.