2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ජනපතිට එහෙම බලයක් නැහැ - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 1790

අධිකරණ වාර්තාකරු l

පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාටම නැවත අවලංගු කිරීමට හෝ ආපසු කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දේශයට පැවසීය.

පවත්නා ව්‍යවස්ථාමය තත්ත්වයත් මේ සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්ත අනුවත් ජනපතිවරයාට ගැසට්ටුව අවලංගු කිරීමට නොහැකි බව හිටපු අගවිනිසුරුවරයා කීය.

එය අප රටද අනුගමනය කරන ලතින් නීතිමය සිද්ධාන්තයක් වන ෆන්ක්ටුස් ඔෆිෂියෝ (Functus – Officio) නැමැති නෛතික සිද්ධාන්තයට අනුව සිදුවිය යුතු යැයි කී සරත් එන්. සිල්වා මහතා ජනාධිපතිවරයා තමන්ට හිමි නෛතික බලය අනුව මැතිසබය විසුරුවීමේ ගැසට්ටුව නිකුත් කළ වහාම ඒ සම්බන්ධ‍යෙන් ඔහු සතු නීතිමය හිමිකම අවසන් වන බව අවධාරණය කළේය.

දැන් එම ගැසට්ටුව අවලංගු කරගත හැක්කේ හෝ ප්‍රශ්නය සමතයකට පත්කරගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුව කැඳවන අවස්ථාවේදී බව සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් කීය. එවිට රජය වෙනුවෙන් නීතිපතිවරයාටත් සෙසු පාර්ශ්වවල නීතිඥයන්ටත් කතාකොට එකඟත්වයෙන් අධිකරණයේ අවසරය මත ගැසට්ටුවේ ප්‍රශ්නය විසඳා ගන්නවා මිස එය නැවත කැඳවීමට හෝ අවලංගු කිරීමට ජනාධිපතිවරයාට කිසිම හැකියාවක් නැතැයි සරත් එන්. සිල්වා මහතා සඳහන් කළේය.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01