2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

අපේ නායකයෝ රැසක් එන සතියේ මෝදි හමුවෙති

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I දේශපාලන වාර්තාකරු

ලබන සතියේ ඉන්දියාවට යන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගණනාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවනු ඇතිබවට පැතිරයන ආරංචිය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව ඇත.

හිටපු ජනාධිපතිවරයා ලබන 10 සිට 13 දින දක්වා නවදිල්ලියට යන්නේ ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසින් සංවිධානය කරනු ලබන (විරාත්) විෂ්ණු සංගම්හි ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමටය.

මහින්ද දිල්ලියේ රැඳී සිටින කාලයේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ ගණනාවක නායකයන්ද කතානායකට ලැබුණ ඇරැයුමක් මත නවදිල්ලියට යෑමට නියමිතය.හිටපු ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු දේශපාලන පක්ෂ නායකයන්ද මෙම චාරිකාවේදී ඉන්දීය අගමැතිවරයා මුණගැසීමට ඉඩ ඇතිබව ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එසේම මහින්ද ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් හමුවන බවද කියැවේ.

කොළඹ දේශපාලනය උණුසුම් මැතිවරණ පසුබිමක් කරා යොමුවෙමින් තිබියදී ඉන්දීය නායකයා මෙරට පක්ෂ ප්‍රධානීන් හමුවීම ඉතාමත් විරල ගණයේ දේශපාලන සිදුවීමකි. එහෙත් මෙම හමුවීම්වල අරමුණ කුමක්දැයි තවමත් ප්‍රකාශ වී නැත.