2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

රවි ඇමැතිකමක් ඉල්ලයි?

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I දේශපාලන වාර්තාකරු

පසුගියදා අමාත්‍යධූරය අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී තමන් නැවතත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇතැයි දේශයට වාර්තා වේ.

හදිසියේ පසුගිය බදාදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හමුවීමට පැමිණි හිටපු අමාත්‍යවරයා තමන්ට නැවතත් කැබිනට් මණ්ඩලයට එකතු වීමට ඇති සුදුසුකම් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.

එහිදී ජනාධිපතිවරයා රවීට දැක්වූ ප්‍රතිචාරය කුමක්දැයි අනාවරණය වී නැත. එහෙත් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු කරුණානායක මහතා අමාත්‍ය පදවියක් සඳහා වන සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි දේශයට වාර්තා වේ.මේ පිළිබඳව විමසීමක් කළවිට එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේ රවීගේ අමාත්‍යධූරය පිළිබඳ ගැටලුව ඉදිරියේ පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කොට තීරණයක් ගැනීමට ඉඩ ඇති බවය.