2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

එජාපයේ ගමේ මන්ත්‍රීන්ට තල්ලුවක්

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහා සිය කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අමතර මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරයකුට ලක්ෂ 50කුත් පළාත් පාලන ආයතනවල සිටින මන්ත්‍රීවරයකුට ලක්ෂ 5කුත් වශයෙන් ලබාදීමට නියමිතව ඇත.මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සිදුකරනු ලබන අතර සිය කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘතියක් මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දැනුම් දී ඇත. එම ව්‍යාපෘතියට අදාළව සියලුම මුදල් එකවර මුදාහැරීමට තීරණය කර ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01