2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

යහපාලන රජය 2025 තෙක් යනවා - ඇමැති කිරිඇල්ල

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

ගයාන් ගාල්ලගේ l

කුමන බලවේග පැමිණියත් යහපාලන රජය සහ එහි ප්‍රතිපත්‍ති 2025 තෙක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

 

කාබද්ධ විපක්ෂයෙන් විවිධ විරෝධතා ක්‍රියාත්මක කළත් ඒවා පදනමක් නොමැති විරෝධතා බවත් යහපාලන ආණ්ඩුව ඊට වඩා ශක්තිමත් බවත් හෙතෙම සඳහන් කළේය.

උද්ඝෝෂණ විරෝධතා සිදුකිරීම මගින් ආණ්ඩුව නොව ජනතාවට පමණක් අපහසුතා විඳින්නට සිදුවන බවත් තවමත් ඒකාබද්ධ විපක්ෂය ජනතාවට සිදුවන අපහසුතා ගැන තැකීමක් නොකරන කණ්ඩායමක් බව අමත්‍යවරයා වැඩිදුරටත් කීය.