2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ජනපති ධූර කාලය : දිසා අධිකරණයේ නඩු පවරන්න බැහැ - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 396

I දේශපාලන වාර්තාකරු

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දෙවරක් ජනාධිපතිධූරය දැරූ හිටපු ජනාධිපතිවරුන්ට නැවත වරක් තරග කළ හැකි ද යන බරපතළ නීති ප්‍රශ්නය දිසා අධිකරණයේ පැවරෙන නඩුවක් මඟින් නිරාකරණය කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දේශයට පැවසීය.

මේ අවස්ථාවේ දිසා අධිකරණයෙන් නොව කිසිදු අධිකරණයක් මඟින් මෙරට පුරවැසියකුට එම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නොහැක්කේ ඊට අදාළව නඩු නිමිත්තක් උද්ගත වී නැති බැවින් යැයි ප්‍රකාශ කළ සරත් එන්. සිල්වා මහතා මෙම ප්‍රශ්නය නිරාකරණය කරගත හැකි එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකින් පමණක් බවද සඳහන් කරයි.ජනාධිපතිවරණයට නාම යෝජනා ලබාදීමේදී සැපයිය යුතු දිවුරුම් ප්‍රකාශය මඟින් තමන් නව ව්‍යවස්ථා සංශෝධන යටතේ දෙවරක් ජනාධිපති ධූරය දරා නැතැයි හිටපු ජනාධිපතිවරයකු කරන දිවුරුමේ නෛතිකභාවය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද තීන්දුවක් ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කළ හෙතෙම මේ සම්බන්ධයෙන් ගත හැකි එකම විසඳුම එසේ ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජයගතහොත් ඔහු ව්‍යවස්ථානුකූලව ධූරයට පත්වී නැතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීම තුළින් පමණක් බවද සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01