2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය තවත් කල් යයි!

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

l දේශපාලන වාර්තාකාරු

පළාත් සභා මැතිවරණ සීමා නීර්ණය පනත මැති සබයෙන් අනුමත නොවීම නිසා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් භාගය දක්වා කල් යෑමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එ.ජා.පය ඒකාබද්ධ විපක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් මෙකී සීමා නීර්ණය වාර්තාවට පක්ෂව ඡන්දය නොදීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත. අවසන් මොහොතේ ශ්‍රී.ල.නි.පය ද ඊට විරුද්ධ වීමට තීන්දු කළේය. එම නිසා පනත 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත වූයේ නැත.

මෙවන් අවස්ථාවක කතා නායකවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන සාමාජිකයන් 5 දෙනකුගෙන් යුතු මැති සබා කමිටුවක් මඟන් මෙකී වාර්තාවේ තිබෙන දෝෂ නිවැරදි කරවිය හැකිය. ඊට අදාළ කමිටුව කතා නායකවරයා විසින් මේ වනවිටත් පත්කර තිබේ. එහි වාර්තාව මාස දෙකක් තුළ කතානායකවරයාට භාර දීමට නියමිතය. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමට ඡන්දය තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කිරීමට පාර්ලිමේන්තුවට බලය හිමිවෙයි. එවිට මැතිවරණ සීමා නිර්ණය පනත 2/ 3 බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු නැත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01