2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

කැබිනට්ටුව ලොකු කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

දේශපාලන වාර්තාකරු l

පළාත් සභා මැතිවරණයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස එ.ජා.ප.ය පසුගිය සතියේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

ශක්තිමත් ආණ්ඩුවක් ලෙස පළාත් සභා ඡන්දයට මහුණදීම සඳහා මෙවන් සංශෝධනයක් අවශ්‍ය බව එ.ජා.පයට කියා ඇත. එ.ජා.පයේ මෙන්ම ශ්‍රී.ල.නි.පයේ ජ්‍යොෂ්ඨයන් පිරිසකටත් මෙහිදී නව තනතුරු ප්‍රදානය කරන ලෙස එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ. එහෙත් දැන් කරන මෙබඳු සංශෝධනයක් රාජ්‍ය වියදම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ ගැන කඩිනම් තීන්දුවක නොගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි කියැවේ.